ඔස්ටේ්‍රලියාවේ ලාංකික ප්‍රජාවගෙන් අන්තර්ජාලය හරහා මුදල් කොල්ලකෑමේ ජාවාරමක්

ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් අන්තර්ජාල ජාවාරමක් හරහා මුදල් කොල්ලකෑමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

සුලු මුදලකින් මුදල් ආයෝජනයක් කර ඊට වඩා කිහිප ගුණයක පොළී මුදලක් ලබාදෙන බවට පොරොන්දු වන ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හරහායි මෙම ජාවාරම ක්‍රියාත්මක වන්නේ.

සිඩ්නි නුවර පදිංචි වී සිටින ද්‍රවිඩ ප්‍රජාව අතුරින් විශාල පිරිසක් මෙම ජාවාරමට දැනටමත් හසුවී අවසන්.

සරණාගත රැකවරණ පතා ඔස්ටේ්‍රලියාවට පැමිණ සිටින දමිළ ජනතාව මෙම ජාවාරම්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇති බවටයි වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

අදාළ ජාවාරම්කරුවන් දමිළ භාෂාවෙන්ම තමන් සමග අදහස් හුවමාරු කරගැනීම හමුවේ කිසිදු සැකයක් ඇති නොවූ බව මෙම වංචාවට හසුවූවන් ප්‍රකාශ කර තිබෙනවා.

ඇතැමුන් ඩොලර් 17,000 කට ආසන්න මුදලක් පවා මෙමගින් අහිමි කරගෙන ඇති බවට වාර්තා පළවනවා.

SOURCE : <a href=”https://www.abc.net.au/news/2021-11-12/hope-business-scam/100613210″>https://www.abc.net.au/news/2021-11-12/hope-business-scam/100613210</a>

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »