කොවිඩ් රෙගුලාසි කඩ කිරීම ගැන මෙල්බර්න් සුප්‍රකට අවන්හලකට එරෙහිව විමර්ශන

කොවිඩ් නීති රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් මෙල්බර්න් නගරයේ සුප්‍රකට අවන්හලකට එරෙහිව විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Marameo අවන්හල QR Code ක්‍රමය භාවිත කර නොමැති බවටත් පැමිණෙන පුද්ගලයන්ගේ එන්නත්කරණ තොරතුරු පරීක්ෂා කර නොමැති බවටත් තහවුරු වී ඇතැයි සඳහන්.

මෙම අවන්හලේ එකම මේසයේ වාඩිවී ආහාර ගත් පුද්ගලයයන් 13 දෙනෙකුගෙන් 11 දෙනෙකුම කොවිඩ් ආසාධිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

ඔවුන්ට වෛරසය ආසාධනය වුයේ මෙම අවන්හල හරහාද නැත්නම් බාහිර වෙනත් ස්ථානයකින්ද යන්න තවමත් නිසි ලෙස අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් තමන් නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කල බව Marameo අවන්හල නිකුත් කල නිවේදනයක සඳහන්.

PIC – opentable.com

SOURCE : https://www.9news.com.au/national/melbourne-restaurant-marrameo-under-investigation-after-11-diners-get-covid-19/04697462-e53f-4587-8aa3-a793af9a38fb

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »