ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව විසින් පණවා තිබූ සංචාරක අවවාදය ලිහිල් කර තිබෙනවා.
කොවිඩ් අවධානම හමුවේ මේ දක්වා ඔස්ටේ්‍රලියාව විසින් ශ්‍රී ලංකාව නම් කර තිබුණේ අත්‍යවශ්‍යම කරුණකදී හැර සංචාරය කිරීමෙන් වැළකිය යුතු රටක් ලෙසයි.
කෙසේවෙතත් නවතම ලිහිල් කිරීමට අනුව ශ්‍රී ලංකාව Level 02 ඝනයට නම් කර ඇති අතර ඒ අනුව සංචාරය සඳහා අඩු අවධානම් රටක් ලෙස ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා.
කෙසේවෙතත් ගුවන් ගමනට පැය 72 කට පෙර සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදුකරන ලෙසටයි ඔස්ටේ්‍රලියානු රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට දන්වා ඇත්තේ.
ඔස්ටේ්‍රලියාව විසින් ශ්‍රී ලංකාවට පළමුවෙන් සංචාරක අනතුරු ඇගවීමක් නිකුත් කරනු ලැබුවේ පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුවයි.
මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස්වරයාද ට්විටර් සටහනක් තබා තිබුණි.