Search

ඉදිරි දින කිහිපය තුළ වික්ටෝරියා – NSW සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට ධාරාණිපාත වැසි තත්වයක්

ඉදිරි දින කිහිපය තුළ වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි සහ අකුණු සහිත කුණාටු තත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇගවෙයි.

සාමාන්‍යයෙන් මාසයකට ඇද හැලෙන වර්ෂාපතනය මෙහිදී දින 03 ක් තුළ වාර්තා විය හැකි බවටයි කාළගුණ අංශ අනාවැකි පළකරන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු සහ කඳුකර ප්‍රදේශ හරහා දැඩි සුළං තත්වයක් පවතිනු ඇති බවද සඳහන්.

මීට සති 02 කට පමණ ඉහතදීද වික්ටෝරියා ප්‍රාන්තයට දැඩි කුණාටු සහිත කාළගුණයක් පැවති අතර ඇතැම් ප්‍රදේශවලට දින කිහිපයක් විදුලි බලයද ඇණහිට තිබුණා.

කාළගුණ අංශ නිකුත් කරන අනතුරු ඇගවීම් නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට දැනුම් දීමක් සිදු කෙරෙන්නේ.

source : https://7news.com.au/news/weather/flood-warning-for-australias-east-cost-c-4493801

Credit: DAN HIMBRECHTS/AAPIMAGE

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »