
නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගය ඔස්සේ කැනඩාව බලා යාමට රැදී සිටි බව කියන කාන්තාවන් – කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුව නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත – මෝය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස කිලිනොච්චිය සහ යාපනේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.

ඔවුන් අතර දමිල ජාතිකයින් 20 දෙනෙකු සහ සිංහල ජාතිකයෙකුද වේ.
අත්අඩංගුවට ගෙන ඇති අය අතර කාන්තාවන් 03 කු සහ කුඩා ළමුන් දෙදෙනෙකුද වේ.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස ප්‍රවාහනය සදහා යොදා ගත් බව කියන වෑන් රථයක්ද නාවුක හමුදා නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
සැකකරුවන් සහ සැකකාරියක් වැඩිදුර විමර්ශණ කටයුතු සදහා හලාවත පොලීසියට බාර දීමට නියමිතව ඇත.