මව්බිමට මුදල් එවන ලාංකිකයන්ට මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

CBSL

අපනයන ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද නව නීති රටට ප්‍රතිඵල රැසක් අත් කර දෙන බව මහබැංකුව පවසනවා.

එමෙන්ම, එමගින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට එවන ප්‍රේෂණ සඳහා බලපෑමක් ඇති නොකරන බවයි මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

භාණ්ඩ හා සේවා අපනයනකරුවන් සඳහා බලපවත්වන පරිදි පසුගිය ඔක්තෝම්බර් 29 වන දා නිකුත් කෙරුණු නව නීතියට අනුව අපනයන ආදායමේ ශේෂය එළඹෙන මාසයේ 7 වන දිනට පෙර රුපියල්වලට හුවමාරු කළ යුතුයි.

කෙසේ නමුත් මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාතිකය වන රුපියල් 203කට සිය ඩොලර් හුවමාරු කිරීමට අපනයනකරුවන් මැලිකමක් දක්වන බව සඳහන්.

එමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද සිය ප්‍රේෂණ වෙනත් අතකට යොමු කිරීමේ හැකියාවක් පවතින බවට විශ්ලේෂකයන් අනතුරු අගවනවා.

කෙසේ නමුත් මහබැංකුව පෙන්වා දෙන්නේ මෙලෙස විදේශ විනිමය දේශීය මුදලට හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් අසල්වැසි රටවල ද ක්‍රියාත්මක වන බවයි.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »