නිවු සවුත් වේල්ස් එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 පසුකරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගොස් තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය ඇමති Brad Hazzard විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවක මේ බව සඳහන්.

සිය මීලග ඉලක්කය සියයට 95 බව ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් තබන ලද ෆේස්බුක් සටහනක දැක්වෙනවා.

එම ඉලක්කය ජයගත් පසුව ප්‍රාන්තයේ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කෙරෙන බවද අගමැතිවරයා සඳහන් කර සිටී.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (08) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 224 ක් වාර්තා වි තිබේ.

දැනට 254 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 42 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 604 කි.

පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 66,680 ක් සිදු කර ඇත.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »