පැහැර ගැනීමකට ලක්ව දින 18 කට පසු සොයා ගනු ලැබූ ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීම සඳහා දෙවන පුද්ගලයෙකුද සහය ලබාදී ඇති බවට සැක මතුවී තිබේ.
බටහිර ඔස්ටේ්රලියා ප්රාන්ත පොලිසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඔක්තෝබර් 16 වනදා අලුයම අතුරුදන්වූ ක්ලියෝ දැරිය දින 18 කට පසුව සොයාගනු ලැබුවේ කිලෝමීටර් 75 ක් පමණ දුරින් පිහිටි නිවසක රඳවා තිබියදීයි.
ඒ සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර ඔහු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේයි පසුවන්නේ.
සැකකරුගේ ජංගම දුරකථන වාර්තා ඇතුලු සියලු දත්ත මේ වනවිට පරීක්ෂා කරමින් ඇතැයිද බටහිර ඔස්ටේ්රලියා ප්රාන්ත පොලිසිය ප්රකාශ කලා.