ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් සීමා අති බහුතරයක් ලබන මස 17 වනදා සිට ඉවතට

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය සඳහා පණවා ඇති කොවිඩ් සීමා අති බහුතරයක් ලබන මස 17 වනදා සිට ඉවත් කරන බව ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසයි.

ඒ අනුව සමාජ ශාලා – අවන්හල් – සිනමා ශාලා – රංග ශාලා – ක්‍රීඩාංගණ සහ සංගීත සංදර්ශන සඳහා මෙතෙක් පැවති සියලුම සීමා පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් ඉවත් කෙරෙනු ඇති.

ලබන මස 17 වනදා වනවිට ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 80 පසුකර යනු ඇතැයි අපේක්ෂා කරමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම සහභාගී වන්නන් සියලු දෙනා එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇත්නම් විවාහ මංගල උත්සව සඳහා මේ දක්වා පැවති සීමා ද ඉවත් කෙරෙන බව ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රෝහල් – aged care මධ්‍යස්ථාන – බන්ධනාගාර සහ ආබාධිත මධ්‍යස්ථාන වෙත ඇතුලුවීමට අවසර හිමිවනුයේ ද පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට පමණයි.

එම ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ගේ එන්නත්කරණ තත්වය පරීක්ෂා කර බැලීම සඳහා පොලිසියට උපරිම බලතල ලබාදී ඇති බවද ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියා.

https://twitter.com/AnnastaciaMP/status/1457865151873310720?s=20

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »