Search

වසර 24 කට පසු ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථාන තරග සංචාරයකට

වසර 24 කට පසු පකිස්ථාන තරග සංචාරයක් සඳහා පිටත්ව යාමට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය එකගතාවය පළ කර තිබේ.

ටෙස්ට් – එක්දින සහ පන්දුවාර 20 තරගවලින් සැදුම්ලත් පූර්ණ තරගාවලියක් ලබන මාර්තු මාසයේදී මෙලෙස පැවැත්වෙනු ඇති.

කරච්චි – රාවල්පිණ්ඩි සහ ලාහෝර් යන නගරවලදීයි තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මාර්ක් ටේලර් ගේ නායකත්වයෙන් යුත් ඔස්ටේ්‍රලියානු කණ්ඩායමක් 1998 වසරේදී පකිස්ථානයේ සංචාරය කිරීමෙන් පසු මේ දක්වා ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමක් පකිස්ථානයේ තරග සංචාරයකට පිටත්ව ගොස් නැහැ.

එරට ආරක්ෂක වාතාවරණය යහපත් නොවීම ඊට හේතුවයි.

පකිස්ථාන කණ්ඩායම ඔස්ටේ්‍රලියාවේ තරග සංචාර සඳහා පැමිණ ඇතත් පකිස්ථානය සත්කාරකත්වය දැරූ සෑම තරගාවලියක්ම පවත්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේයි.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දීර්ඝ කාලයක් එරටදී කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක්ද පැවැත්වූයේ නැහැ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »