විදේශ රැකියා දෙන බව පවසා මුදල් ගසා කෑමේ ජාවාරමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ඊශ්‍රායල්, දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයා දෙන බව පවසා, වංචනික පිරිසක් විසින් මුදල් ගසා කෑමේ ජාවාරමක් සිදුකරන බවට තොරතුරු වාර්තා වූ බව  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කෙරෙන දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරිම් කාර්යාංශය මගින් පමණක්ම විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකරන අතර, ජපානයේ රැකියා සඳහා දෙරට අතර ඇතිකරගෙන ඇති ගිවිසුමට අනුව රාජ්‍ය බඳවා ගැනීම් කාර්යංශය මගින් හා අවසරලත් බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් සිදු කෙරේ.

ඊශ්‍රායල් රැකියා බඳවා ගැනිම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් සිදු කරයි.

මෙයට අමතරව ඊශ්‍රායල් රැකියා බඳවා ගැනිම බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කෙරේ.

අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් අය කෙරේ.

මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නැත.

සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු  කෙරේ.

එබැවින්, මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා සහ කාර්යංශය මහජනතාවගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටී.

මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »