ඔස්ටේ්‍රලියාව සංචාරක උපදෙස් අලුත් කරයි – ලංකාවට හිමි තැන මෙන්න

ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට අවසරයකින් තොරව ජාත්‍යන්තර සංචාරවල නිරත වීමට මේ වනවිට අවසර පවතී.

කොවිඩ් නිසා 2020 මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමූ දා සිට ජාත්‍යන්තර සංචාර සඳහා ලබා දී තිබූ ‘do not travel’ උපදෙස මේ වන විට ඉවත් කර තිබේ.

රටවල් 177 ක් සඳහා ඒ ඒ රටට නිශ්චිත වූ සංචාරක උපදෙස් දී ඇත.

කොවිඩ් මාත්‍රා දෙකම ලබාගත් ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට නිරෝධායනයකින් තොරව තම රටට ඇතුළුවීමට ඇතැම් රටවල් මේ වන විට අවසර දී ඇත.

  • තායිලන්තය
  • සිංගප්පූරුව
  • එක්සත් රාජධානිය
  • ඇමෙරිකා එක්සත් ජනපදය

සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින රටට ඇතුළුවීමේදී නිරෝධායනය විය යුතුද නැතිද යන්න පිළිබඳ සංචාරය කිරීමට පෙර සොයාබලන ලෙස ඔස්ට්‍රේලියා රජය ඔස්ට්‍රේලියනුවන්ට දන්වයි.

මේ වන විට ශ්‍රී ලංකාව සඳහා “Reconsider your need to travel” යන උපදෙස ඔස්ට්‍රේලියානු රජය විසින් ලබා දී තිබේ.

ඔබ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින රට පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක උපදෙස් මෙතනින් :

https://www.smartraveller.gov.au/destinations

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »