
එන්නත්කරණය අනිවාර්ය කිරීමට එරෙහිව අද දිනයේත් ඔස්ටේ්‍රලියාව පුරා ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ වී තිබේ.
නිවු සවුත් වේල්ස් හි Parramatta River ආසන්නයේ දිගු විරෝධතා රැළියක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
ඇඩිලේඩ් – ගෝල්ඩ් කෝස්ට් – මෙල්බර්න් – ඩාර්වින් නගරවලද මීට සමගාමීව විරෝධතා පැවැත්වෙනවා.

මෙල්බර්න් Bourke Street හි ඊයේ දිනයේදීත් විරෝධතාවයක් පැවැත්විණ.
විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ අගමැති ඩැනියල් ඇන්ඩෲස්ට වහා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකිරීමයි.

මේ අතර ඩාර්වින් හි පැවති විරෝධතාවයකදී පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
PIC – 9NEWS