Search

මෙල්බර්න් CBD අවන්හල් පාරිභෝගිකයන් වෙනුවෙන් ඩොලර් මිලියන 05 ක වවුචර ක්‍රමයක්

මෙල්බර්න් CBD හි අවන්හල්වල ආහාර ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් ඩොලර් මිලියන 05 ක් වටිනා වවුචර ක්‍රමයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල ආහාර ගන්නා පුද්ගලයන්ට බිල්පතෙහි වටිනාකමින් සියයට 30 ක් දක්වා වට්ටම් ලබාගැනීමට හැකිවේ.

කොවිඩ් හමුවේ අඩාල වූ වික්ටෝරියා ව්‍යාපාර වෙනුවෙන් ප්‍රකාශයට පත් කල ඩොලර් මිලියන 44 ක ආධාර වැඩපිළිවෙලෙහි තවත් අධියරක් ලෙසයි එය ක්‍රියාත්මක වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ එමගින් මෙල්බර්න් CBD වෙත වැඩි වශයෙන් පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට ඉඩකඩ ලැබෙනු ඇති බවයි.

මෙම වට්ටම් ලබාගැනීම සඳහා ඩොලර් 50 සිට 500 දක්වා වටිනාකමක් යටතේ restaurants, cafes & bars තුළින් ආහාර ලබාගත යුතු වනවා.

මේ අතර නත්තල් සමය වෙනුවෙන් නගරයට ජනයා ගෙන්වා ගැනීම සඳහා තවත් අමතර ඩොලර් මිලියන 15.7 ක අමතර ප්‍රතිපාදන සැපයීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

SOURCE : https://www.9news.com.au/national/discounted-meals-in-melbourne-cbd-midweek-melbourne-money-scheme-offers-up-to-30-per-cent-off-at-restaurants-and-cafes-in-melbourne-city/fd7a5a82-b24d-4ae5-bc11-b87f9835d9e4

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »