Million Dollar Vax ඩොලර් මිලියනයක දිනුම සිඩ්නි කාන්තාවකට

කොවිඩ් මර්දන එන්නත්කරණය ඉහළ නැංවීම සඳහා ඔස්ටේ්‍රලියානු බලධාරීන් ක්‍රියාත්මක කල ඩොලර් මිලියනයක ලොතරැයිය දිනාගැනීමට සිඩ්නි නුවර පදිංචි කාන්තාවක සමත්වී තිබෙනවා.

Joanne Zhu නම් 25 හැවිරිදි ඇය මෙලෙස දිනාගත්තේ Million Dollar Vax ලොතරැයියයි.

චීන සම්භවයක් සහිත ඇයගේ පවුලේ සාමාජිකයන් මේ වනවිට චීනයේ සිටින අතර දේශ සීමා විවෘත කල වහා චීනයට ගොස් නව වසර උදාව සැමරීම සිය අරමුණ බවයි ඇය සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියාව තුළදි කොවිඩ් මර්දන එන්නත ලබාගත් 2,744,974 දෙනෙකු මෙම ලොතරැයිය සඳහා ලියාපදිංචි වී තිබුණා.

ඇතැමුන් එන්නත ලබාගැනීමට පසුබට වූ බැවිනුයි ඔස්ටේ්‍රලියා බළධාරීන් විසින් මෙලෙස ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කලේ.

එහි ප්‍රථිඵලයක් ලෙස සියයට 78 ක් ව පැවති පළමු මාත්‍රා ප්‍රතිශතය සියයට 88 දක්වා ඉහළ ගොස් තිබුණා.

SOURCE : https://www.9news.com.au/national/coronavirus-australia-woman-wins-million-dollar-vaccination-lottery-prize/05e05273-5ed2-4de6-8a08-233eee1e452c

PIC – 9NEWS

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »