ඔස්ටේ්‍රලියාව Semi Final යයි / ලංකාව ලබන අවුරුද්දේදීත් සුදුසුකම් වටයකට

AUSTRALIA CRICKET TEAM

පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගන්තය සහ ඕස්ටේ්‍රලියාව සමත්වී තිබෙනවා.

එංගලන්තයට එරෙහි ඊයේ පැවති තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තද ප්‍රසාද ලකුණු සටහන අනුව අවසන් පූර්ව වටයට තේරීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.

ඔස්ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ටේ්‍රලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ඔවුන් රැස් කළේ ලකුණු 157 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියාව පන්දුවාර 16 යි පන්දු 02 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 161 ක් ලබා ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා.

මේ අතර ලබන වසරේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලානයේදී සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සිදුවී තිබෙනවා.

ඒ මෙවර ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල 09 වන ස්ථානයටත් කොදෙව් පිළ 10 වන ස්ථානයටත් පත්වීම හේතුවෙනුයි.

ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 08 හි පසුවන කණ්ඩායම් සුපිරි 12 වටයට සෘජුවම පිවිසෙනවා.

ඒ අනුව එංගලන්තය – පකිස්ථානය – ඉන්දියාව – නවසීලන්තය – දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව ට එම අවස්ථාව උදාවනවා.

බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානයද සෘජුවම සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසෙන්නේ ශ්‍රේණිගත කිරීම්වල 07 වන සහ 08 වන ස්ථාන දිනාගැනීමත් සමගයි.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »