Search

ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ පින්තූර ගත් බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට

ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට අයත් අධිආරක්ෂිත කලාපයේ වීඩියෝ දර්ශන ලබාගත් බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලීසියට පවසා ඇත්තේ තමන් කාලයක් තිස්සේ පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාවක් වෙනුවෙන් අදාළ දර්ශන ලබාගත් බවය.

මහනුවර දළදා මාළිගා පරිශ්‍රය අධි ආරක්ෂිත කළාපයක් ලෙස පවතින අතර ඊට ආසන්නව ජනාධිපති මන්ධිරයද පිහිටා තිබේ.

ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිතා කිරීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.

සැකකරු සතු ඩ්‍රෝන කැමරාව සමඟ ජංගම දුරතකනයක් සමග කැමරාවක් සහ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පොලීසිය බාරයට ගෙන ඇත.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »