Search

Qantas ගුවන් මෙහෙයුම් සඳහා නම් තබන්න “ශ්‍රී ලංකාව” උදව් වුණේ මෙහෙමයි

දීර්ඝ ගමනාන්ත සඳහා ගුවන් ගමන් (Long Haul flights) ක්‍රියාත්මක කිරීමේ අදහස අතහැර නොමැති බව ක්වන්ටාස් ගුවන් සේවය පවසයි.

ඒ අනුව බොහෝ විට 2024 හෝ 2025 වසර වනවිට සිඩ්නි හෝ මෙල්බර්න් සිට ලන්ඩන් සහ නිව්යෝර්ක් දක්වා ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බවටයි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් කියාසිටියේ.

කෙසේවෙතත් ගුවන් ගමන් කර්මාන්තය තවමත් යථා තත්වයට පත්වෙමින් පවතින බැවින් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ඔහු පැවසුවේ.

ක්වන්ටාස් ගුවන් සේවය සිය දිගු ගමනාන්ත සඳහා යොදා ඇති නාමය වන්නේ Project Sunrise යන්නය.

එම නාමය යොදා ගැනීමට ශ්‍රී ලංකාවද සම්බන්ධ වී ඇත්තේ අපූරු ආකාරයකටයි.

දෙවන ලෝක යුධ සමයේදී පර්ත් සිට ලන්ඩන් දක්වා යුධ ගුවන් යානා පියාසර කරවා තිබේ.

එම යානා වල අතරමග නැවතුම්පොළ ලෙස යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

මෙම ගුවන් ගමන්වලදී අවස්ථා 02 කදී ඉර උදාව දර්ශනයවීම පාදක කරගෙන යන නාමය එම මෙහෙයුම් සඳහාද යොදාගෙන තිබිණ.

source : 7News

https://7news.com.au/travel/qantas-ultra-long-haul-flights-from-london-to-sydney-are-still-in-the-works-says-ceo-alan-joyce-c-4440733

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »