Geelong සැණකෙළියේ carnival ride එකක් ක්‍රියා විරහිත වී ළමුන් 04 ක් පැය භාගයක් සිරවෙයි

Geelong, Waurn Ponds shopping centre හි පිහිටා ඇති සැණකෙළි භූමියේ ස්ථාපිත කර ඇති carnival ride එකක් ක්‍රියා විරහිත වීමෙන් කුඩා ළමුන් 04 දෙනෙකු පැය භාගයකට ආසන්න කාලයක් එතුළ සිරවී සිට තිබේ.

පසුව වික්ටෝරියා ගිණි නිවීම් අංශ විසින් ඔවුන් බේරාගෙන ඇතැයි සඳහන්.

carnival ride එකෙහි එක් අන්තයක් මීටර් 35 ක් පමණ ඉහළ අහසෙහි නතර වී ඇති අතර අනෙක් අන්තය භූමියට ආසන්නයේ නතර වී තිබේ.

පසුව ළමුන් 04 දෙනාම ආරක්ෂාකාරීව බේරාගෙන ඇත.

ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවද වාර්තා වේ.

 

SOURCE : https://7news.com.au/news/vic/children-trapped-35-metres-in-the-air-after-geelong-carnival-ride-gets-stuck-c-4458786

PIC – HERALD SUN

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »