ඔස්ටේ්‍රලියාව එන්නත්කරණ කඩඉමක : පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රතිශතය 80% ඉක්මවයි

එන්නත්කරණ කඩඉමක් පසු කරමින් ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව අවුරුදු 16 ට වැඩි ජනයා අතරින් මාත්‍රා 02 ම ලබාගෙන ඇති සංඛ්‍යාව සියයට 80 කට අධිකය.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළකරමින් අගමැති ස්කොට් මොරිසන් ද මේ සම්බන්ධයෙන් සුභ පැතුම් පිරි නැමුවේය.

ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 70 ට වැඩි සමස්ත ජනගහණයෙන් සියයට 99 ක් මේ වනවිට එක් මාත්‍රාවක් හෝ ලබාගෙන අවසන්ය.

එම වයස් කාණ්ඩයේ සියයට 90 ක් පූර්ණ එන්නත්කරණයට ලක්වී තිබේ.

ඔස්ටේ්‍රලියාවේ එක් එක් ප්‍රාන්තවල එන්නත්කරණ අගයන් පහත පරිදිය.

 

SOURCE : https://www.covid19data.com.au/vaccines

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »