මූලික වියදමක් නැතිවම අමෙරිකාවේ PR ගන්න Apply කරන්න තව දින 03 යි – විස්තරේ මෙන්න

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයියට මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඊට සුදුසුකම් ලැබූ රටවල් ගොන්නට ඇතුළත් වී තිබෙන නිසා ඒ සඳහා අයැදුම් කරන්නට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ද මහත් වූ උනන්දුවක්.

ඇමෙරිකා එක්සත් ජනපදය, වාර්ෂික ව විදේශිකයින් 50,000 කට සිය රටෙහි නැවතීමට හා සේවය කිරීමට මෙන්ම පුරවැසියන් අත්විඳින වරප්‍රසාද රාශියක් ලබාගැනීමට හැකි වන පරිදි දීර්ඝකාලීන වීසා ලබා දීම සිදුකරනවා.

මෙය ලොතරැයියක් ආකාරයෙන් ලබා දෙන අතර, ලොව පුරා විවිධ රටවල විවිධ ජනකොට්ඨාසවලට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ග්‍රීන් කාඩ් සඳහා අයැදුම් කිරීමට අදාළ සියලු විස්තර දක්වා තිබෙනවා.

2023 වසර සඳහා අවසන් දිනය වන්නේ නොවැම්බර් මස 9 වන දා යි.

මේ සඳහා කිසිදු අමතර වියදමක් දැරීමට අයැදුම් කරන්නාට සිදු නොවන අතර, ඉන්පසු වර්ෂයේ මැයි මස ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීම සිදුවෙනවා.

ඔබ ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසු රටක පුරවැසියෙකු වූ පමණින් එය ලබාගැනීමට සුදුස්සෙකු වන්නේ නැහැ.

ඒ සඳහා ඔබ අවම වශයෙන් වසර 12ක මූලික හා ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළ අයෙකු විය යුතු වෙනවා.

යමෙකු එම මූලික සුදුසුකම සපුරා නැතත් පසුගිය වසර 5ක කාලය තුළ ‘වසර 2ක වත් පුහුණුවකින් හෝ අධ්‍යනයකින් අනතුරුව කළ යුතු වෘත්තියක වසර 2ක් වත් නියැලී තිබුණහොත්’ එය සුදුසුකමක් වෙනවා.

මීට අමතර ව තවත් සුදුසුකම් ලැබෙන විධික්‍රම හා කොන්දේසි ඇති අතර, ඒ සියල්ල අදාළ වෙබ් අඩවියේ සවිස්තර ව දක්වා තිබෙනවා.

මේ සුදුසුකම් පිළිබඳ සහතික ලොතරැයිය ජයගැනීමෙන් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතු වෙනවා.

 

උපුටන (2018 වසරේදී පළවූ ලිපියකි) : https://roar.media/sinhala/main/around-the-world/american-green-card-facts

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »