ටස්මේනියාවේ නිවසක වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් කාන්තාවකට තුවාල

ටස්මේනියාවේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් කාන්තාවක තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදුවන විට ළමුන් දෙදෙනෙකුද නිවස තුළ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට තුවාල සිදුවී නොමැති නමුත් ආරක්ෂාකාරී පියවරක් ලෙස Launceston General Hospital වෙත රැගෙන ගොස් තිබෙනවා.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයාද මිය ගිය දෙදෙනා අතර වන බවටයි ටස්මේනියා පොලිසිය සැක පළ කරන්නේ.

මෙය පවුල් ආරාවුලක ප්‍රථිඵලයක් විය හැකි බවටද විශ්වාස කෙරෙනවා.

source : https://7news.com.au/news/tas/two-dead-one-hurt-in-tasmania-shooting-c-4455019

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »