
ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව අඛණ්ඩව ඉහළ යන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නවතම දත්ත අනාවරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ පිරිමි දරුවෙකු වයස අවුරුදු 81.2 දක්වා ජීවත් වන බව මෙන්ම ගැහැණු දරුවෙකු වයස අවුරුදු 85.3 දක්වා ජීවත් වන බවද එම දත්ත පෙන්වා දෙයි.
මීට වසර 30 කට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ ආයු අපේක්ෂාව පිරිමින් සඳහා අවුරුදු 73.9 ක් සහ කාන්තාවන් සඳහා අවුරුදු 80.1 ක් විය.

නවසීලන්තය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව වැනි රටවල ආයු අපේක්ෂාව සමග සසඳන කල ඔස්ට්‍රේලියාවේ ආයු අපේක්ෂාව ඉතා ඉහළ අගයක් ගන්නා නමුත් ජපානය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය සමග සසඳන කල පහළ අගයක් ගනී.
ඔස්ට්‍රේලියාවේ ඉහළම ආයු අපේක්ෂාව වාර්තා වන්නේ ACT වෙතිනි.

වික්ටෝරියා ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්ව ඇත.
SOURCE :
https://www.abs.gov.au/statistics/people/population/life-tables/latest-release