කොවිඩ් නිරෝධායන කාල සීමා පිළිබඳ තීන්දු ගැනීමේ බලය ප්‍රාන්ත රජයන් වෙත

කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධ නිරෝධායන කාල සීමා පිළිබඳ තීන්දු ගැනීමේ බලය ප්‍රාන්ත රජයන් වෙත පැවරීමට ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබේ.

එමෙන්ම පාසල් තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන්ද අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති හමුවේදී අවධානය යොමු කර ඇත.

එක් එක් ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශත හා හමුවන ආසාධිතයන් සංඛ්‍යා වෙනස් අගයක් ගැනීම හේතුවෙනුයි මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ.

මේ අනුව දින 14 හෝ දින 07 ලෙස නිරෝධායන කාල වකවානු තීරණය කිරීමේ බලය ප්‍රාන්ත රජයන් වෙත පැවරේ.

එමෙන්ම ඇතැම් ප්‍රාන්තවලින් විශාල ආසාධිතයන් පිරිසක් හමුවීමත් සමග සෑම අයෙකුගේම ආශ්‍රිතයන් සොයා යෑම අසීරු කරුණක් බවද ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.

ඔස්ටේ්‍රලියා පුරවැසියන් හා ස්ථිර පදිංචිකරුවන්ට විදෙස් සංචාර සඳහා ගොස් නැවත පැමිණීමට අවසර දීමෙන් පසු ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡාවට ලක්වී ඇත.

අගමැති මොරිසන් පවසා ඇත්තේ ගතවූ දින 05 තුළදී 7000 කට ආසන්න පිරිසක් එලෙස පැමිණ ඇති බවයි.

source : https://www.9news.com.au/national/coronavirus-update-australia-national-cabinet-opens-door-to-regular-school-covid-testing-scrapping-quarantine/e25ead47-f951-4f58-afe4-c67cfde3548f

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »