
සිඩ්නි inner west light rail line හි ධාවනය වන ට්‍රෑම් 12 ම මාස 18 ක පමණ කාලයක් ක්‍රියාත්මක නොවනු ඇති බවට වාර්තා පළවෙයි.
ඒ එම සියල්ලෙහි ඇති තාක්ෂණික දෝෂ අලුත් වැඩියා කිරීම සඳහායි.
නිවු සවුත් වේල්ස් ප්‍රවාහන ඇමති Rob Stokes පැවසුවේ ට්‍රෑම් භාවිත කරන මගීන් ප්‍රවාහනය සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

එමගින් සතියකට 5000 කට ආසන්න පිරිසක් ප්‍රවාහනය කිරීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කලේය.
නිව් කාසල් සහ කැන්බරා හිදී ධාවනය වන්නේ ද මෙවැනිම ට්‍රෑම් විශේෂයක් වන අතර මෙල්බර්න් නගරයේ ධාවනය කරනුයේ වෙනස් මාදිලියකි.

Pic credit: AAP