ක්ලියෝ දැරිය පැහැරගත් සැකකරුගේ ඡායාරූපයක් පළමු වරට මාධ්‍ය වෙත

ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමට සම්බන්ධ සැකකරු Carnarvon සිට පර්ත් හි අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වෙත මාරු කර යවා තිබේ.

Terence Darrell Kelly නම් 36 හැවිරිදි සැකකරු ඊයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

සැකකරු ගුවන් යානයකට නංවා ගන්නා ඡායාරූපයක් අද මාධ්‍යවල පළවී තිබූ අතර එය ඔහු පිළිබඳ මාධ්‍ය වෙත නිරාවරණය වූ පළමු ඡායාරූපයයි.

සැකකරුට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු බලහත්කාරයෙන් පැහැර ගැනීමයි.

පොලිස් භාරයේ සිටියදී මොහු තුවාල සිදුකර ගැනීම හේතුවෙන් අවස්ථා 02 කදී රෝහල්ගත කෙරිණ.

සැකකරු විසින් ඇප ඉල්ලීමක්ද කර නොමැති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

දැනට හෙළිවී ඇත්තේ මොහු තනිවම මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි.

එමෙන්ම එය කාලයක සිට සැළසුම් කල එකක් නොවන බවටද Terence Darrell Kelly විසින් පාපොච්චාරණය කර තිබේ.

SOURCE : https://7news.com.au/news/wa/alleged-cleo-smith-kidnapper-terence-kelly-to-be-transferred-to-maximum-security-prison-in-perth-c-4444250?fbclid=IwAR0lS9offdVJPe9OlJz0YvVWZrScQV5mAjs1ke-bGk9uE7TsUUjjSV4Y4Ec

PIC – Credit: Tamati Smith/Getty Images

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »