Search

ඔස්ටේ්‍රලියා Student Visa අයදුම්පත් සියයට 51 කින් පහළට

උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ඔස්ටේ්‍රලියාවට පැමිණීමට ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළගොස් තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ලැබී ඇති වීසා අයදුම්පත් ගණන පසුගිය වසරට සාපේක්ෂව සියයට 51 කින් පහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ සිටින ශිෂ්‍ය වීසා දරන්නන් සංඛ්‍යාව 259,752 ක්.

එයින්ද බහුතරය පශ්චාත් උපාධි හදාරන්නන් බව සඳහන්.

වීසා බලපත් ලැබ දැනට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නොහැකිව සිටින සංඛ්‍යාව 148,464 ක් බවයි තහවුරු කරගෙන ඇත්තේ.

දේශ සීමා වසා දැමීම මීට ප්‍රධාන හේතුවයි.

කෙසේවෙතත් වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයන් විසින් ජාත්‍යන්තර සිසුන් යළිත් ගෙන්වා ගැනීම සඳහා වන අනුමැතීන් ෆෙඩරල් රජයෙන් දැනටමත් ඉල්ලා අවසන්.

 

source : https://7news.com.au/news/education/drop-in-international-student-applications-c-4443141

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »