සියලු සැප අතහැර Tattoo පමණක් තියාගෙන පැවිදි දිවියට ඇතුළත් වූ මෙල්බර්න් හාමුදුරුවන්ගේ කථාව

ශ්‍රී ලංකාවේ සුචිර චානක ගුණතිලක ලෙස උපත ලබා වයස අවුරුදු 05 දී ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී වසර 21 කට පසු ශ්‍රී ලංකාවට පැමිණ ඔස්ටේ්‍රලියාවේ බෝධි ධම්ම හිමියන් ලෙස පැවිදි දිවියට ඇතුළත් වු මෙල්බර්න් හාමුදුරුවන් ලෙස ප්‍රචලිත ස්වාමීන් වහන්සේ පිළිබඳ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය වී තිබේ.

පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී උපත ලැබූ සුචිර චානක ගුණතිලක සිය දෙමව්පියන්ට ලැබුණු ස්ථිර පදිංචිභාවයත් සමග ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී ඇත්තේ 1997 වසරේදියි.

එහිදී තරුණ කාලයේ කල යුතු සියල්ලට අමතරව සමාජයේ පිළි නොගන්නා මත්ද්‍රව්‍ය වැනි දෑ සඳහාද ඔහු ඇබ්බැහි වී තිබිණ.

මෙල්බර්න් හි වාසය කරමින් සිටින අතරතුර ඉතාලි සම්භවයක් සහිත ඔස්ටේ්‍රලියානු ජාතික තරුණියක සමග පෙම් සබඳතාවයක් ඇති කරගන්නා සුචිර ඇය සමග එක්ව දිවිය ගත කිරීමකට (Living together) යොමුවේ.

වසර 05 ක් එලෙස ඇය සමග සිටින ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත් වනවා.

එහෙත් කල්යත්ම සිය ජීවන රටාව වෙනස් කරගත යුතු බවට සිතුවිල්ලක් පහළ වන සුචිර සිය බිරිඳටද මේ බව දන්වා සිටිනවා.

ඇයගේ අනුමැතියත් ඊට හිමිවන අතර ගිහි ජීවිතයේ සියල්ල අතහැර දමා 2018 වසරේදි ශ්‍රී ලංකාවට පැමිණ 2019 අගෝස්තු මාසයේදී පැවිදි දිවියට ඇතුළත් වන්නේ ඔස්ටේ්‍රලියාවේ බෝධි ධම්ම ස්වාමීන් වහන්සේ නමිනුයි.

උන්වහන්සේ සමග මාධ්‍යවේදී හරින්ද්‍ර ජයලාල් පැවැත්වූ යූ ටියුබ් සංවාදය පහතින් නරඹන්න.

source : හරින්ද්‍ර ජයලාල් YouTube

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »