බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීම ලබන ජනවාරි හෝ පෙබරවාරි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විවෘත කිරීමේ මාර්ග සැළසුම ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රාන්ත අගමැති Mark McGowan නිවේදනය කලේ සියයට 90 ක එන්නත්කරණ ඉලක්කයක් සපුරාලීමෙන් පසු සියලු ප්‍රාන්ත සඳහා සීමා විවෘත කරන බවයි.

ඒ අනුව ලබන ජනවාරි හෝ පෙබරවාරි වනවිට එය සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට බටහිර ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 63 යි දසම 07 කි.

අඩුම එන්නත්කරණ ප්‍රතිශතය සහිත ප්‍රාන්ත අතුරින් ඔවුන් පසුවන්නේ දෙවන ස්ථානයේයි.

Northern Territory පහළම ස්ථානයේ පසුවනවා.

ප්‍රාන්ත සීමා විවෘත කිරීමත් සමග විදෙස් සංචාරකයන්ට පර්ත් වෙත පැමිණීමටද හැකිවනු ඇතැයි Mark McGowan විශ්වාසය පළ කර සිටී.

https://twitter.com/MarkMcGowanMP/status/1456439172105850881?s=20

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »