ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔස්ටේ්‍රලියාවේ ඕනෑම ස්ථානයක සිට නිදහසේ වික්ටෝරියාවට එන්න අවස්ථාව

කොවිඩ් තත්වයෙන් පසු ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ තීරණාත්මක පියවරක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විය.

ඒ නිවු සවුත් වේල්ස් – ACT සහ වික්ටෝරියා ප්‍රාන්ත අතරයි.

මේ අනුව මාස ගණනකට පසු Greater Sydney සහ ACT සිට ඕනෑම අයෙකුට නිදහසේ වික්ටෝරියා ප්‍රාන්තය වෙත පැමිණිය හැකිය.

ඔවුන් එන්නත ලබා ගෙන සිටීම අනිවාර්ය නොවන අතර වික්ටෝරියාවට පැමිණීමෙන් පසු කොවිඩ් පරීක්ෂණයකට ලක් වීමද අනිවාර්ය වන්නේ නැහැ.

එවැනි පුද්ගලයන් බලපත්‍රයක් ලබා ගැනීම පමණක් කල යුතුයි.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ ඕනෑම ස්ථානයක සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණිමට දැන් අවසර පවතී.

නිවු සවුත් වේල්ස් හා වික්ටෝරියා ප්‍රාන්ත දෙකෙහිම අගමැතිවරුන් මෙම පියවර උදාකර ගැනීමට හැකිවීම පිළිබඳ ජනතාවට ප්‍රසාදය පළ කර තිබේ.

SOURCE : https://www.9news.com.au/national/coronavirus-australia-update-nsw-victoria-border-opens-on-friday/ac5b3805-8e12-4bc9-ad00-f7e8507392bb

PIC – (Jason Robins)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »