ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගත් සැකකරු දෙසැම්බර් 06 තෙක් රිමාන්ඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගත් සැකකරු දෙසැම්බර් 06 තෙක් රිමාන්ඩ්

ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගත් සැකකරු දෙසැම්බර් 06 තෙක් රිමාන්ඩ්

ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගෙන ගොස් දින 18 ක් සගවා තබාගෙන සිටි පුද්ගලයාට එරෙහිව චෝදනා ගොණු කර තිබේ.

Terence Darrell Kelly නම් 36 හැවිරිදි සැකකරුට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු බලහත්කාරයෙන් පැහැර ගැනීමයි.

පොලිස් භාරයේ සිටියදී මොහු තුවාල සිදුකර ගැනීම හේතුවෙන් අවස්ථා 02 කදී රෝහල්ගත කෙරිණ.

එහෙත් මේ වනවිට රෝහලෙන් මුදා හැර ඇති අතර ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු විසින් ඇප ඉල්ලීමක්ද කර නොමැති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

දැනට හෙළිවී ඇත්තේ මොහු තනිවම මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි.

එමෙන්ම එය කාලයක සිට සැළසුම් කල එකක් නොවන බවටද Terence Darrell Kelly විසින් පාපොච්චාරණය කර තිබේ.

SOURCE : https://www.bbc.com/news/world-australia-59162188