
අද (04), වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරේ දර්ශන මේ වන විට නිකුත් කර තිබේ.
කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
16 හැවිරිදි ළමයෙක් සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වු අතර, තවත් පුද්ගලයෙක් බරපතළ තත්ත්වයේ පසුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.
සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ රථයේ හිමිකරු වන ඔහුගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
