Search

රට සල්ලි ගේන්න මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

CBSL

ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටෙහි විදේශීය අංශයෙහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

පසුගිය දශක දෙක තුළදී වාර්ෂික වෙළඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වලින් ආවරණය වී ඇත.

රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ විනිමය ගලාඒම් සුමට වීම සහ ආදායම හා ප්‍රාදේශීය විෂමතාවයන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වේ.

මෙම පසුබිම තුළ, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීම සහ එය විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021.11.03 දින සිට බලපැවැත්වෙන පරිදි නව දෙපාර්තමේන්තුවක් විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව නමින් ස්ථාපිත කරන ලදි.

මෙම දෙපාර්තමේන්තුවට අදාළ ඇමතුම් විස්තර පහත පරිදි වේ.

විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
දුරකථනය: +94 11 247 7101 සහ +94 11 2 477 000
ෆැක්ස්: +94 11 247 7710
විද්‍යුත් ලිපිනය: [email protected]

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »