අලි සබ්රි ඉවත් වෙයි ? ගම්මන්පිල අයින් කරන්නැයි ඉල්ලීම්

තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික නායකයන් සහ මවුලවිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.

‘එක රටක් එක නීතියක්’ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමෙන් පසු ඒ පිලිබද සාකච්ඡා කිරීම සඳහා මෙම ආගමික නායකයන් අමාත්‍යවරයා හමුවී තිබිණි.

සබ්රි මහතාද මෙම පත් කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කර ඇති අතර ඔහුගේ මතය වී ඇත්තේ අදාළ පත්වීම සෑම ජන වර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක් වනු ඇති බවයි.

එම කාර්ය සාධක බලකාය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් තමන්ට අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව ද ඔහු සඳහන් කර ඇතැයිද දැනගන්නට ඇත.

පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමති උදය ගම්මන්පිල එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

යුගදනවි බලාගාරය පිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුව බලශක්ති අමාත්‍ය ධූරයේ සිටිය දීම දැඩිව විවේචනය කිරීම හා බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම මීට හේතු ලෙස පෙන්වා දී ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස වී ඇත්තේ ගම්මන්පිල ගේ නායකත්වයෙන් යුතු පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ද ඔහු පමණක් නිසා ඔහු ආණ්ඩුවෙන් ඉවත්ව ගියද ආණ්ඩුවට ගැටලුවක් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් එම පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.

දැනට විදේශගතව සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම ඔහුට ද ඒ පිළිබඳව දැන්වීමෙන් පසු අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

 

source : LANKACNEWS

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »