Breaking News : අතුරුදන් වූ Cleo Smith දැරිය සොයා ගනී!

අතුරුදන් වූ සිව් හැවිරිදි Cleo Smith දැරිය බටහිර ඔස්ට්‍රේලියාවේ අගුලු දැමූ නිවසකින් සොයා ගෙන තිබේ.

ඔක්තෝබර් 16 වන සෙනසුරාදා අලුයම බටහිර ඔස්ටේ්‍රලියාවේ කඳවුරු භූමියක සිටියදී දැරිය අතුරුදන් වූවාය.

“Cleo ජීවතුන් අතර හොඳින් ඉන්නවා” නියෝජ්‍ය කොමසාරිස් Col Blanch නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

පොලිස් කණ්ඩායමක් අද අලුයම 1 ට පමණ Carnarvon ප්‍රදේශයේ අගුලු දැමූ නිවසකට කඩා වැදුණු අතර එහිදී එක් කාමරයක සිරවී සිටි මෙම දැරියව සොයා ගනු ලැබුණි.

ඇය තම පවුල සමඟ නැවත එක් වී ඇත.

මේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැක සහිත​ Carnarvon හි පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවේ පසුවන අතර දැනට ප්‍රශ්න කරමින් සිටී.

 

Photo credits: 7News

 

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »