ඔස්ටේ්‍රලියාවේ Real estate ක්ෂේත්‍රයේ කවුරුත් දන්න Lushan – Sam අලුත්ම ගමනක

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේදී ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන්ට මුලින්ම සිහියට නැගෙන නම් 02 ක් තමයි Lushan Don සහ Sam Weerawarna කියලා කියන්නේ.

ඔවුන් දෙදෙනා එක්ව අලුත් ගමනක් යන බව කියන ආරංචිය අපිට දැනගන්න ලැබුණා.

Dons Premier Estate Agents නිර්මාණය කලේ Lushan Don විසිනුයි. පසුව Sam Weerawarna ඊට සම්බන්ධ වනවා.

අලුත් ගමන ගැන ඔස්ටේ්‍රලියාවේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කරන්න AusලංකාTV අපි ඔවුන් දෙදෙනා සම්බන්ධ කරගත්තා….

Lushanකොහොමද මුලින්ම පටන් ගත්තේ ?

2017 අප්‍රේල් 06 වනදා – ඉතාම සුලු ව්‍යාපාරයක් විධිහට තමයි ආරම්භ කලේ – දැනට 09 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් මාත් එක්ක වැඩ කරනවා.

සෑම් මොකක්ද මේ අලුත් වැඩේ ?

අපි දෙන්නාගේ ශක්තීන් ඉතාම ඉහළින් ගැලපෙනවා. ඒ අනුව තමයි අපි එක්ව ගමනක් යන්න තීරණය කලේ. අපි ගොඩාක් වෙනස්කම් කරන්න සූදානම්. සාමාන්‍ය real estate agent කෙනෙක්ගෙන් ඔබ්බට ගිය දෙයක්. ගණුදෙනුකරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම තමයි අපි අංක 01 ස්ථානයේ තබලා කටයුතු කරන්නේ.

Lushan ඒ ගැන තව පැහැදිලි කලොත් ?

මේ ක්ෂේත්‍රයේ මෙහෙ ඉන්න ලාංකික සමාජය හරි අඩුයි ඉස්සරහට ඇවිල්ලා අභියෝග භාර ගන්න. හැබැයි සෑම් එහෙම කෙනෙක් නෙවෙයි. ඉතින් අපි දෙදෙනාට එක්ව දුර ගමනක් යන්න පුලුවන් අපි දෙදෙනාගේම මේ ක්ෂේත්‍රය ගැන තියෙන ඉහළ අත්දැකීම් සහ පරිපූර්ණත්වයත් සමග.

ලාංකික ප්‍රජාවට අත්වන ප්‍රතිලාභය පැහැදිලි කලොත් ?

අපේ මව් භාෂාවෙන් ගණුදෙනු කරන්න ලැබෙනවා ඒක ප්‍රධානම වාසියක්. ලාංකික සහ ඔස්ටේ්‍රලියාවේ සංස්කෘතිය ගැන අපිට ලොකු අවබෝධයක් තියෙනවා. අනික් ඒජන්ට්ස්ලාගෙන් අපි වෙනස් වෙන්නේ එහෙමයි. අපි වැඩ කරන්නේ නිවාස විකුණන අය එක්ක. එතකොට තමන්ගේ සේවය හරියට ගැණුම්කරුට පහදලා දෙන්න බැරි කෙනෙක් කොහොමද client ට තමන්ගේ ගේ විකුණලා දෙන්නේ ? අපි දෙන්නා දිගු කාලීන අත්දැකීම් සහිතව දන්නවා අපේ buyers ලාගේ අවශ්‍යතා.. මුලින්ම නිවසක සිදුකල යුතු වෙනස්කම් – පස්සේ තමයි නියම විධිහට අලෙවි කරන්න ඒ ඒ පියවර ගන්නේ. මුලින්ම අපි කරන්නේ ආත්ම විශ්වාසය ඇති කරරවන එක. ඒක මුලින් ඇති කරන්නේ නැතිව වෙන කුමන දෙයක් කලත් වැඩක් වෙන්නේ නැහැ.

උපරිම ප්‍රතිලාභයක් ඇතිව විකුණගන්න ඔයාලාව සම්බන්ධ කරගන්නේ කොහොමද ?

සමාජ මාධ්‍ය වගේම දුරකථනය සහ ඊමේල් වැනි සාමාන්‍ය ක්‍රම හරහා අපි සමග ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.

මේ දක්වා ලැබුණු ප්‍රතිචාර කොහොමද ?

අති බහුතරයක් අපේ අවංකභාවය ගැන ප්‍රසාදය පළකරනවා. අපි නියම කරන්නේ අමතර ප්‍රතිලාභ නැතුව නියම වටිනාකම. අපි නීතිය කඩ කරන්නේ නෑ. මේ සියලුම දේවල්වල එකතුවක් විධිහට එකට එක්ව ගැලපීමක් විධිහට අවසාන වශයෙන් අපේ ගණුදෙනුකරුට ඉහළම සේවයක් ලබාදෙන්න අපි සූදානම්.

අවසාන වශයෙන් ලාංකික ප්‍රජාවට කරන ආරාධනය ??

real estate agent ලා ලංකාවේ තව අය ඉන්නවා. ඒ අයව ගෙන්නගෙන මුලින් බලන්න. ඊට පස්සේ අපිට එන්න කියලා වෙනස අත්විඳින්න. වෙනස සංසන්දනය කරලා බලන්න. සමහරු කියනවා විනිවිදභාවයකින් යුක්තයි – අවංකයි වගේ දේවල් – හැබැයි අපි කරලාම පෙන්නනවා – හැම ගණුදෙනුවක්ම අපි එයාලට පෙන්වනවා – සංසන්දනාත්මකව බලන්න නම් අනික් අයගේ වැඩ බලන්න ඒත් එක්කම අපේ කලින් වැඩ බලන්න. එතකොට හරියටම බලන්න පුලුවන් කවුද ඇත්ත කියන්නේ කියලා.

Address : 22 Coral-Pea Way Cranbourne West Vic 3977
Telephone: 03 9770 4558

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »