අනෙකුත් ප්‍රාන්ත සඳහා පනවා තිබූ ප්‍රාන්ත සීමා නීති නොවැම්බර් 23 දා සිට ඉවත් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තීරණය කර තිබේ.
පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සංචාරකයින්ට නිරෝධායනය විය යුතු කාලය දින 7 කට අඩු කෙරේ.
මේ අතර රජයේ පාසල්වල සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමටද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
රෝහල් සේවකයන්ට පළමු මාත්‍රාව හෝ ලබා ගැනීමට දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් විය.
පොලිස් නිළධාරීන්ට ලබන 15 වනදා තෙක් ඒ සඳහා කාලය ලබා දී තිබේ.