Search

රට යන්නද ඉන්නේ ? එන්නත්කරණ සහතිකය ගන්න හැටි දැනුවත්ද ?

රටවල් රැසක දේශ සීමා විවෘත කිරීමත් සමග ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මේ දිනවල විදෙස්ගතවීමට උත්සාහ කරන ආකාරයක් දැකගත හැකියි.

විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගත හැකි විය.

ලංකාවේ සෑම ප්‍රදේශයක සිටම ජනතාව තම විදෙස් ගමන් බලපත්‍රය සැකසීම සඳහා පැමිණෙන අතර මෙසේ දහස් ගණනක් ජනතාව රුපියල් 15,000 ක් ගාස්තු ගෙවා එක්දින සේවාව යටතේම ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සුකවීම විශේෂත්වයකි.

කෙසේවෙතත් විදෙස්ගතවීම සඳහා වර්තමානය වනවිට විදෙස් ගමන් බලපත්‍රයට අමතරව එන්නත්කරණ සහතිකය මේ වනවිට අත්‍යවශ්‍ය ලේඛණයක් බවට පත්වී අවසන්.

එය ලබාගන්නා අයුරු පිළිබඳ ඔබ දැනුවත්ද ?

පහත Link එකට ගොස් අදාළ තොරතුරු ඇතුළත් කර එය ලබාගත හැකියි.

https://covid-19.health.gov.lk/certificate/

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »