Search

NSW එන සංචාරකයන් මාත්‍රා 02 ම ගෙන ඇතත් සතියක් යනතුරු නව නීතියක්

නිවූ සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින සංචාරකයන්ට බලපාන පරිදි නව රෙගුලාසි කිහිපයක් පණවා තිබේ.

NSW Health පැවසුවේ ඔවුන් රටට පැමිණ දින 07 ක් යනතුරු රෝහල් – health care facilities, aged and disability care මෙන්ම බන්ධනාගාර සඳහා යාමට එහිදී අවසර නොලැබෙන බවයි.

ඕනෑම ඔස්ටේ්‍රලියානු පුරවැසියෙකුට – ස්ථිර පදිංචිභාවය සහිත අයෙකුට පවා මෙම නියමයන් අදාළ වනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (01) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 173 ක් වාර්තා වි තිබේ.

දැනට 333 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 72 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 578 කි.

පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 58,988 ක් සිදු කර ඇත.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »