Search

IS ත්‍රස්තයින් සමග සබඳතා ඇති 702 ක් ලංකාවේ

ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල අයි එස් සාමාජිකයෙකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මොහොමඩ් සම්සුදින් නම් අයි එස් සාමාජිකයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශය විසිනුයි.

ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තිබී ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සමග සබඳතා පැවැත්වූ තොරතුරු හමුවී ඇතැයි ත්‍රස්ත මර්දන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ ගිණුමේ තිබී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවෙකු ලෙස කටයුතු කල සහරාන් හෂීම් ගේ ඡායාරූප සහ දේශනද සොයාගෙන ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියා.

මෙම 702 දෙනා අතුරින් එක් අයෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණය හමුවේ අනාවරණය කෙරුණා.

ඔහු රඳවාගෙන අයි එස් සබඳතා පිළිබඳ විමර්ශන සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කලේ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »