ශ්‍රී ලංකාවේ සංචරණ සීමා ලිහිල් කිරීමත් අද (01) සිට ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට හා ස්ථීර පදිංචිකරුවන්ට විදෙස් සංචාරවල නිරතවීමට අවසරදීමත් සමග මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සුදුසුද යන්න ඊයේ Ausලංකා TV Current Affairs තුළින් අවධානය යොමු කෙරිණ.
මෙවර සම්පත් දායකයන් ලෙස ඊට එක්වූයේ වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා සඳහා වන කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා සහ නිවු සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ඩ් සඳහා වන කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේයි.
ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා මෙන්ම ආර්ථීකය නගා සිටුවීම වෙනුවෙන් මව්බිමේ සංචාරය කරන්නැයි කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා ඔස්ටේ්‍රලියාවේ පදිංචි වී සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවෙන් මෙරටට ගෙන්වා අලෙවි කරන භාණ්ඩ පිළිබඳ ඇති කීර්ති නාමය පලුදුවන ආකාරයෙන් ඇතැමුන් කටයුතු කිරීම පිළිබඳ කණගාටුදායක වන බවද ඔහු පැවසීය.
ආගන්තුක සත්කාරය අතින් ඉහළ රටක් වන ශ්‍රී ලංකාවේ මේ වනවිට විදේශ ආයෝජන සඳහා හොඳ පසුබිමක් නිර්මාණය වී ඇති බවයි නිවු සවුත් වේල්ස් හා ක්වීන්ස්ලන්ඩ් සඳහා වන කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ කියාසිටියේ.
එබැවින් ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇති අවස්ථා උපකාර කරගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ඉතාම නුදුරේදී ලාංකික සිසුන්ට ඔස්ටේ්‍රලියාවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා දොරටු විවෘත වනු ඇති බවද කොන්සල් ජනරාල්වරයා පැවසීය.