දින 590 කට පසු ඔස්ටේ‍රලියානුවන්ට අද සිට විදේශ සංචාර සඳහා යාමේ අවස්ථාව

දින 590 කට පසු ප‍්‍රථමවරට ඔස්ටේ‍රලියානුවන්ට විදේශ සංචාර සඳහා පිටත්ව යාමේ අවස්ථාව අද සිට උදාවේ.

ඉකුත් වසරේ (2020) මාර්තු මස සිට ඔස්ටේ‍්‍රලියාව කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා සිය රටවැසියන්ට විදෙස් රටවල සංචාරය කිරීම තහනම් කර තිබූ අතර පූර්ණ එන්නත්කරණයට ලක් වූ රටවැසියනට අද සිට විදෙස් රටවල සංචාරය කිරීමට අවසර පවතී.

කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම සඳහා ඉකුත් වසරේ මාර්තු මස සිට ඔස්ටේ‍්‍රලියාව විදෙස් රටවලට යාමට අවස්ථාව ලබා දුන්නේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් සඳහා හෝ මරණාසන්නව සිටින ඥාතියෙකු බැලීමට යාමට අවශ්‍ය රටවැසියන්ට පමණකි.

ඉදිරියේදී විදෙස් සංචාරකයන්ට ද රටට පැමිණීමට අවස්ථාව ලබා දීමටත් පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන් සඳහා නියම කර ඇති දින 14 ක හෝටල් නිරෝධායනය දින 07ක නිවෙස් තුළ නිරෝධායනය වීම දක්වා ලිහිල් කිරීමට ද රජය තීරණය කර ඇත.

පළමු ගුවන් යානය ඩාර්වින් සිට බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර දක්වා පිටත්ව යාමට නියමිතයි.

නැවත ඔස්ටේ්‍රලියාවට පැමිණිමේදී වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් හා ACT හැර අනෙකුත් ප්‍රාන්ත සඳහා හෝටල් නිරෝධායනය තවමත් අනිවාර්යව පවතී.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »