ලොව පළමු තැපැල් මුද්දරයට ඩොලර් මිලියන 08 ක වටිනාකමක්

ලොව පළමු තැපැල් මුද්දරය වෙන්දේසි කිරීමට සූදානම් කර තිබේ.

එය අමෙරිකානු ඩොලර් මිලියන 8 ඉක්මවූ මුදලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ලොව පළමු තැපැල් මුද්දරය ලෙස සැලකෙන ‘පෙනී බ්ලැක්’ නමැති මුද්දරයක් එලෙස වෙන්දේසි කරන බව වෙන්දේසි සමාගම පවසයි.

1840 වර්ෂයේ නිකුත් කළ බවට විශ්වාස කෙරෙන මෙම මුද්දරයේ වික්ටෝරියා රැජිනගේ රුව මුද්‍රණය කර තිබේ.

පැන්සයක වටිනාකමකින් යුතුව එය නිකුත් කර තිබුණි.

අවුන්ස භාගයකට අඩු ලිපි තැපැල් කිරීමට මුද්දරය වලංගු වූ බව සඳහන්ය.

1840 වර්ෂයේ මැයි 6 වනදා සිට මෙය භාවිතා කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊට පෙර තැපැල් භාණ්ඩ සඳහා වන ගාස්තුව ගෙවා තිබුණේ භාණ්ඩය ලබන්නා විසිනි.

මෙම මුද්දරය දෙසැම්බර් 7 වනදා ලන්ඩනයේදී වෙන්දේසි කිරීමට නියමිතය.

ඊට අමෙරිකානු ඩොලර් මිලියන 8.25ක මිලක් ලැබෙනු ඇතැයි වෙන්දේසි සමාගම අපේක්ෂා කරයි.

මෙය මුද්‍රණය කරන ලද පළමු ‘පෙනී බ්ලැක්’ මුද්දර කඩදාසියෙන් ලබාගත් එකක් බවද විදෙස් වාර්තා පවසයි.

එබැවින් එය ඓතිහාසික සංඛේතයක් ලෙසද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම මුද්දරයේ වත්මන් හිමිකරුවා වන්නේ ව්‍යාපාරිකයෙකු සහ මුද්දර එකතු කරන්නෙක් වන ඇලන් හොලියෝක් ය.

පළමුව මුද්‍රණය කරන ලද තවත් ‘පෙනී බ්ලැක්’ මුද්දර දෙකක් බ්‍රිතාන්‍ය තැපැල් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ලොව පළමු වරට මුද්‍රණය කරන ලද මුද්දර කඩදාසියෙන් ලබාගත් මෙම ‘පෙනී බ්ලැක්’ මුද්දර තුන පමණක් දැනට ලොව ඉතිරි වී තිබෙන බවටද විශ්වාස කෙරේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »