අලුත් කොවිඩ් ප්‍රභේදය ගැන ලංකාවත් විමසිල්ලෙන්

කොවිඩ් වෛරසයේ A.30 නම් නව කොවිඩ් ප්‍රභේදය පිළිබදව අවධානයෙන් සිටින බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අවධාරණය කරනවා.

මෙම නව ප්‍රභේදය ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් ඇතුලූ ප්‍රධාන පෙළේ එන්නත්වලට පවා ප්‍රතිචාර නොදක්වන බවටයි තොරතුරු හෙළිවී ඇත්තේ.

සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් අමතක කරමින් අඛණ්ඩව කටයුතු කළහොත් තවත් සති 04 ක කාලයකින් පසු එහි ප්‍රතිඵල දැක ගැනීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.

මෙම වයිරස ප්‍රභේදය ගැන අද මුළු ලෝකයම අවධානයෙන් පසුවන බවද හෙතෙම සඳහන් කළේය .

මෙම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා සියල්ල අවසන් යැයි සිතා ජනතාව කටයුතු කළහොත් එහි අනිසි ප්‍රතිඵල තව සති හතරකින් පමණ දැකගත හැකිවනු ඇතැයිද පෙන්වා දුන්නේය.

මේ අතර විවාහ උත්සව හා අවමංගල්‍ය උත්වලදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කළහොත් කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි බවද මහාචාර්ය චන්න ජයසුමන කීවේය.

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »