ගණුදෙනුකරුවන්ගේ මුදල් වංචා කර පෙම්වතාට Ferrari අරගෙන දුන් commonwealth බැංකු හිටපු ලිපිකාරිණිය හිරේට

පාරිභෝගිකයන්ගෙන් ඩොලර් මිලියන 3.5 ක මුදලක් වංචා කල commonwealth බැංකුවේ හිටපු ලිපිකාරිනියකට සිර දඩුවම් නියම කර තිබේ.

Hsin-Yu Tsai නම් 33 හැවිරිදි මෙම තැනැත්තිය පසුගිය මාස 14 පුරා බන්ධනාගාරගතව සිටියාය.

2014-2015 කාල සීමාවේදී එක් ගණුදෙනුකරුවෙකුගේ ගිණුමකින් ඩොලර් මිලියන 2.4 ක්ද / මියගිය කාන්තාවකගේ ගිණුමකින් ඩොලර් ලක්ෂ 05 ක්ද ලබාගත් බවටයි ඇයට චෝදනා පවතින්නේ.

අදාළ මුදල් මගින් ඉතා මිළ අධික අත් ඔරලෝසු – අත් බෑග මෙන්ම සුඛෝපභෝගී නිවසක් ද සැකකාරිය විසින් මිළදී ගෙන තිබුණා.

එමෙන්ම සිය පෙම්වතාට ඩොලර් 30,000 ක් වටිනා සපත්තු හා Ferrari වර්ගයේ මෝටර් රථයක් මිළයට ගෙනදීමද ඇය විසින් සිදුකර තිබුණා.

මැයට වසර 03 හාමාරක සිර දඩුවමක් නියමවී ඇත.

PIC – Credit: AAP

SOURCE : https://7news.com.au/news/crime/former-commonwealth-bank-clerk-jailed-after-taking-35-million-from-customer-accounts-c-4365136

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »