T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය : ඔස්ටේ්‍රලියාවට කඩුලු 07 ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුලු 07 කින් ජය ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ළකුණු 154 ක් රැස් කලා.

කුසල් ජනිත් සහ චරිත් අසලංක නොදැවී 35 බැගින් ලබා ගත්තා.

භානුක රාජපක්ෂ නොදැවී 33 යි.

ඇඩම් සම්පා – මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස් කඩුලු 02 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඔස්ටේ්‍රලියාව පන්දුවාර 17 කදී කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලා.

ඩේවිඩ් වෝනර් 65 ක්ද ඒරන් ෆින්ච් 37 ක්ද ස්ටීවන් ස්මිත් නොදැවී 28 ක්ද රැස්කලා.

වනිඳු හසරංග කඩුලු 02 ක් බිඳ හෙලුවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »