ඉතාලියේදී සිය දියණියන් දෙදෙනා ඝාතනය කළ ලාංකික මව සොයා පොලිස් පරීක්ෂණ

ඉතාලියේ වෙරෝනා නගරයේදී සිය දියණියන් දෙදෙනාව ඝාතනය කළ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික මව සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම දියණියන් දෙදෙනා වයස අවුරුදු 3ක් සහ 11ක් වශයෙන් වූ බව සඳහන්.

සැකකාර කාන්තාවගේ නමද ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම ඝාතනවලට හේතුව හෙළිවී නොමැත.

ඉතාලියේ වෙරෝනා හි පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වනවා.

ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ඔවුන්ගේ ඇඳන් මත තිබියදී සොයාගෙන ඇත්තේ නිවසේ සිටි වෙනත් තැනැත්තෙකු විසින් බවයි වෙරෝනා පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිද්ධියට සැක කරන කාන්තාව යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙන්නේදැයි යන්න සම්බන්ධයෙන්ද ඉතාලි පොලීිසියේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »