Search

ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවද නිවෙස් ප්‍රතිකාර සදහා යොමුවීමට අවසර

කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණ ගුවන්තොටුපලේදී සිදුකරන පීසීආර් පරික්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වුවද ඔවුන්ට සිය නිවෙස් වෙත ගොස් ප්‍රතිකාර සදහා යොමුවීමට අවසර දී තිබෙනවා.

විදේශයන්හි සිට පැමිණෙන ගුවන් මගීන්ට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යළි සංශෝධනය කර ඇත.

ඒ යටතේ මෙම අවසරය හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිල්හානි සමරසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

නිවෙස්ගතව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති ශ්‍රී ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන්ට අවශ්‍යනම් රජයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හෝ රජයේ අනුමත ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුවීමටද අවසර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිල්හානි සමරසේකර :

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »