Search

ව්‍යාජ එන්නත් සහතික භාවිත කරන පුද්ගලයන්ට දඩ හෝ සිර දඩුවම් – NSW නව නීතියක්

VICTORIA POLICE

ව්‍යාජ එන්නත්කරණ සහතික භාවිත කරන පුද්ගලයන්ට දඩ හෝ සිර දඩුවම් හිමිවන අයුරින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය නව නීතියක් සම්මත කරගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzardවිසින් ඊට අත්සන් තබා ඇත.

මේ අනුව අදාළ වරදට වරදකරුවෙකු වන අයෙකුට උපරිම ඩොලර් 11000 ක දඩයක් හෝ මාස 06 ක සිර දඩුවමක් පැණවෙනු ඇති.

ඊට අමතරව ඩොලර් 1000 ක on the spot දඩයක් නියම කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසියටද එමගින් බලතල පවරා ඇති බව සඳහන්.

බොහෝ කාර්යයන් සඳහා එන්නත්කරණ සහතිකය අනිවාර්ය කිරීමත් සමග ඇතැමුන් ව්‍යාජ එන්නත් සහතික සකස් කිරීමත් – වෙනත් අයගේ සහතික භාවිත කිරීමත් හේතුවෙනුයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම පියවර ගෙන ඇත්තේ.

SOURCE : https://7news.com.au/lifestyle/health-wellbeing/nsw-amends-public-health-order-to-stop-anti-vaxxers-using-fake-vaccination-passports-c-4344485

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »