පූර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති පුද්ගලයන්ට වික්ටෝරියා ප්‍රාන්තයේ සිල්ලර අලෙවි සැල් වෙත ඇතුලුවීමට අවසර නොදීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 90 සම්පූර්ණ වූ පසු එය ක්‍රියාවට නංවන බවයි කොවිඩි අණ දෙන නිළධාරී Jeroen Weimar පවසා සිටියේ.
එන්නත ලබාගෙන නොමැති පුද්ගලයන්ට තවමත් සාප්පු සවාරියේ යාමට හැකි වුවද ලබන මාසයේ සිට එම රෙගුලාසි වෙනස් විය හැකි බව ඔහු සඳහන් කලා.
වික්ටෝරියා අනුව ප්‍රාන්තය විසින් සියයට 90 ක එන්නත්කරණ ඉලක්කය සපුරා ගැනීමට නියමිතව ඇත්තේ ලබන මාසයේ 24 වනදායි.
කෙසේවෙතත් මීට අදාළ නියමයන් ක්‍රියාත්මක කිරීම එක් එක් වෙළඳසැලට පැවරෙන වගකීමක් බවද Jeroen Weimar සඳහන් කරයි.
PIC -PINTEREST